dehiwala-doctor-who-sat-in-the-chair-of-the-deputy-director-of-the-national-hospital-transferred-to-the-mental-ward

 කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වූ වෛද්‍යවරියක, ඔහුගේ අසුනේ හිඳගනිමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීමේ සිදුවීමක් ඊයේ (14) දිනයේදී වාර්තා විය.



ඊයේ පෙරවරු 10.00ට පමණ කාර්යාලයට පිවිසි මෙම වෛද්‍යවරිය,

රෝහලේ පවතින පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට තර්ජනාත්මකව දෝෂාරෝපණය කර ඇති අතර, එම අවස්ථාවේදී ඔහු කාර්යාලයෙන් පිටව ගොස් තිබේ. අනතුරුව ඔහුගේ නිල අසුනේ හිඳගත් ඇය, නිසි ලෙස රාජකාරි කිරීමට නොහැකි නම් තනතුරෙන් ඉවත් වන ලෙසට කෑ ගසමින් එහි රැඳී සිට ඇත.

ඇයව එම ස්ථානයෙන් ඉවත් කිරීමට බලධාරීන් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, අවසානයේ රෝහල් ආරක්ෂක අංශයේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් ඇයව එම කාර්යාලයෙන් ඉවත් කිරීමට පියවර ගැනිණි.



පසුව දෙහිවල ප්‍රදේශයේ සෞඛ්‍ය ආයතනයක සේවය කරන වෛද්‍යවරියක ලෙස හඳුනාගත් මෙම කාන්තාව, මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ජාතික රෝහලේ 59 වන වාට්ටුවට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. දැනට ජාතික රෝහල සඳහා ස්ථිර අධ්‍යක්ෂවරයෙකු නොමැති අතර, එම තනතුරේ වැඩ බැලීම සිදු කරන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා විසිනි.