the-person-who-was-shot-while-fleeing-police-orders-on-duwa-pathima-road-negombo-had-a-fake-pistol-with-him

 පොලිස් අණ නොතකා පළා යමින් සිටි යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයෙකුට පොලීසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු බරපතළ තුවාල ලබා තිබේ. මෙම සිදුවීම ඊයේ (03) දහවල් මීගමුව, දූව පාතිමා පාර ප්‍රදේශයේදී වාර්තා වී ඇත. දුන්ගාල්පිටිය පොලීසියට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් විසින් මාර්ග බාධකයකදී

නතර කරන ලෙස ලබාදුන් සංඥා නොසලකා හැර ඩියෝ වර්ගයේ යතුරුපැදියක් ධාවනය කර ඇති අතර,

පොලීසිය ඔවුන්ව ලුහුබැඳ යන අතරතුර එම යතුරුපැදිය ලොරි රථයක ගැටී අනතුරට ලක්වී ඇත. අනතුරින් පසු යතුරුපැදියේ සිටි එක් අයෙකු නැවතත් පයින් දිව යාමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් වෙඩි තබා තිබේ.

කඳාන ප්‍රදේශයේ මෑතකදී සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර මෙම සිදුවීම සිදුවී ඇති බව පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත්තේ කඳසුරිඳුගම, අක්කර 50 ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් සතුව තිබී ව්‍යාජ ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දුන්ගාල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.