the-daughter-who-gave-the-game-to-an-elderly-mother-was-arrested-by-the-police-within-two-hours

කොළඹ උතුර පොලිස් කොට්ඨාසයේ ස්ථාපිත පොලිස් වසම්වල ජීවත්වන සමහරක් පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන්නෝය. එසේත් නැත්නම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ය. ඒ අතර අපරාධවල නියැළෙන පුද්ගලයෝද සිටිති. ඉන් ඇතැම්හු එම ප්‍රදේශවල ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලිවල සාමාජිකයන්ය.

මේ නිසා මෙම කොට්ඨාසයේ රාජකාරි කැරෙන පොලිස් නිලධාරීන් පැය 24 පුරාම සිටින්නේ අවදිවය. ඒ කොයි මොහොතේ වෙඩි තැබීමක්, මනුෂ්‍ය ඝාතනයක්, කොල්ලකෑම් සිදුවන්නට ඇති ඉඩකඩ වැඩි නිසාය. නිලධාරීන්ගේ ක්‍රියාශීලීභාවය නිසා පසුගිය සති කිහිපයේ මෙම වසමේ මට්ටක්කුලිය සහ මෝදර පොලිස් වසම් තුළින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයද අධිකය. එමෙන්ම ටී - 56 ඇතුළු සොයාගත් ගිනි අවිද ඒ අතර විය.


ඉකුත් දින මට්ටක්කුලිය පොලිසියට වයෝවෘද්ධ කාන්තාවක් පැමිණියාය. ඒ නිවෙසේ තිබූ රන් ආභරණ සහ මුදල් තොගයක් අතුරුදන්ව ඇති බව කියමින්ය. ජයශීලී අම්මා නමැති ඇය 72 වැනි වියේ පසුවූවාය. ඇය පොලිසියට පැමිණිලි කිරීම සඳහා පැමිණ සිටියේ ඇගේම අක්කාගේ ලේලිය සමඟය.


ජයශීලී අම්මා රැකියාවක් නොකරන අතර ඇය ජීවත් වන්නේ මට්ටක්කුලිය කාක දූපතේ නිවෙසකය. එම නිවෙස මහල් දෙකකින් සමන්විතය. ජයශීලී අම්මා පහත මාලයේ රැඳී සිටින අතර ඉහළ මාලයේ ඇගේ අක්කාගේ පුතා සහ ඔහුගේ බිරිය ජීවත් වේ. ජයශීලි අම්මා රැකියාවක් නොකළද ඇයට ජීවත්වීමට මුදල් කීයක් හෝ එවනු ලබන්නේ කැනඩා රටේ සිටින ඇගේ සොහොයුරියයි.

ජයශීලී අම්මා පොලිසියට පැමිණ පවසා සිටියේ තමා ඉකුත් 8 වැනිදා උදෑසන 4.30ට පමණ අවදි වී උඩතට්ටුවේ ඇති වැසිකිළියට යෑමට උඩහට ගිය බවත් එහිදී උඩතට්ටුවේ තිබූ අල්මාරිය විවර කර බැලීමේදී එහි තිබූ රන් භාණ්ඩ සහ මුදල් තැන්පත් කර තිබූ බෑගය අතුරුදන්ව ඇති බවත්ය.




එහිදී ඇය තවදුරටත් පැවැසුවේ අල්මාරිය තුළ රන් භාණ්ඩ සහ මුදල් තැන්පත් කර තිබූ බෑගය අල්මාරිය ඉදිරිපිට ඇති මේසය මත තිබෙනු දුටු බවත්ය.


"කාවද අම්මට සැක" නිලධාරියක ජයශීලී අම්මාගෙන් විමසීය. ඒ සමඟ ජයශීලී අම්මා සමඟ සිටි ඇගේ සොහොයුර්ගේ ලේලිය පැවැසුවේ පිටස්තරයකු නිවෙසට පැමිණ දොර විවර කර අල්මාරියේ තිබූ බෑගයේ ඇති රන්, මුදල් සොරාගන්නට ඇති බවය. “ගේ පිටුපස්සේ තාප්පයෙන් තමයි ගේ ඇතුළට එන්න ඇත්තේ." ඇය නිලධාන්ට කීවාය. නිලධාරීන් ඇගේ කීම මත නිවෙස පිටුපසට ගොස් පරීක්ෂා කරන්නට විය. මුඩුක්කුවක් මෙන් දිස්වෙන එහි තාප්පය දියසෙවලවලින් පිර ඇත. පැමිණිලිකාර්ය සමඟ පැමිණි කාන්තාව පැවැසුවේ කිසිවකු එම තාප්පය දිගේ ඉහළට නැඟ නිවෙසට ඇතුළු වන්නට ඇති බවය. "අපිට නම් පේන විදිහට මේ තාප්පෙන් කවුරුත් නැඟලා නැහැ“ එහෙනම් මේ දියසෙවල ගැලවෙන්න එපැයි. 


නිලධාරියකු ස්ථානාධිපතිවරයා දැනුවත් කරමින් කීවේය. අල්මාරියේ තිබූ දොරේ අගුළද කැඩී ඇත. පැමිණිලිකාර්ය පවසන්නේ තාප්පයෙන් නැඟ එම කාමරයේ අගුළු කඩා කිසිවකු කාමරයට ඇතුළු වන්නට ඇති බවය. ඒත් නිලධාරීන්ට පෙනී ගියේ එම අගුල පිටස්තර කිසිවකු විසින් කඩා නොමැති බවය.

“මේක පිටින් කඩපු බවක් පේන්න නැහැ. ඇතුළේ කාගේ හර්ම වැඩක් වෙන්න ඕන."


නිලධාරීන් මෙසේ කීවේ දොරේ අගුළ කැඩී ඇති ආකාරය හොඳින් නිර්ක්ෂණය කිරීමෙන් පසුවය. ඒ අනුව නිලධාරීන්ගේ සැකය එල්ල වූයේ පැමිණිලිකාර ජයශීලී අම්මාගේ උඩ තට්ටුවේ රැඳී සිටින අඹු සැමි යුවළ වෙතය.




නිලධාරීන් එම යුවළගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ජයශීලී අම්මා සතු රන් හා මුදල් සොරාගෙන ඇත්තේ ඇය සමඟ පොලිසියට පැමිණි ඇගේම අක්කාගේ පුතාගේ බිරිය වීමය. ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිමෙන් පසු අතුරුදන් වූ රන් ආභරණ සහ මුදල් තොගයද සොයාගත හැකි විය. එමෙන්ම සොරකමට යොදාගත් පැතලි ඉස්කුරුප්පු නියනක්ද නිලධාහු සිය භාරයට ගත්හ.


ඒ අනුව රුපියල් 655,000ක් වටිනා දේශීය මුදල් තොගයක්ද ඇමරිකානු ඩොලර් නෝට්ටු 1500ක්ද, කැනේඩියානු ඩොලර් 400ක්ද, පවුම් දෙකයි තුන්කාලක් බර කැරට් විසිදෙකේ රන් වළලු 2ක්ද, පවුම් 3ක් බරැති බැරල් වළලු 3ක්ද, පවුම් එකහමාරක් බරැති මුදු දෙකක්ද, කරාබු ජෝඩු 6ක්ද, පවුම් 3ක් බර පෙන්ඩනයක් සහ පවුම් හයයි තුන්කාලක් බර රන් මාල 5ක්ද, සොයාගැනීමට නිලධාරීන්ට හැකි විය.ඉන් අනතුරුව රන් සහ මුදල් සොරකම් කිරීමේ චෝදනාව මත ජයශීලී අම්මා සමඟ පැමිණි ඇගේ සොහොයුරියගේ ලේලියවද නිලධාර්න් අත්අඩංගුවට ගත්තේය. පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබූ සැණින් නිලධාර්න් ක්‍රියාත්මක වීම නිසා පැහැරගත් රන් ආභරණ සහ මුදල් නිවෙසින් පිට කිරීමට සැකකාරියට අවස්ථාවක් නොතිබීම නිසා මෙම අපරාධය පැය 2ක් ඇතුළත අනාවරණය කර ගැනීමට හැකි වූ බවය.


සැකකාරිය සහ ජයශීලී අම්මා වසර 12ක කාලයක් එකම ගෙදර ජීවත්ව ඇති අතර රන් සහ මුදල් අතුරුදන් වීමත් සමඟ ජයශීලී අම්මා ඇගේ සොහොයුරියගේ ලේලිය ගැන කිසිදු සැකයක් ඇති කර නොගෙන ඇයද සමඟ මට්ටක්කුලිය පොලිසියට පැමිණ තිබිණි. එහෙත් ජයශීලි අම්මා සහ සැකකාර්ය පොලිසියට කළ පැමිණිල්ලත් සමඟ ඒ මොහොතේම ක්‍රියාකාරී වූ මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපතිවරයා ජයශීලි අම්මාගේ නිවෙස වහා සෝදිසි කිර්මට ක්‍රියා කිරීම නිසා සොරාගත් රන් ආභරණ සහ මුදල් තොගය පැය 2ක කාලය තුළ සොයා ගැනීමට හැකිවූ බවය. මේ නිසා පිටස්තර කණ්ඩායමකට හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ගිණුම්වලට බැරවීමට ගිය තවත් අපරාධයක සුලමුල මෙසේ අනාවරණය කර ගැනීමට මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපති නලීන් වීරවර්ධන ඇතුළු කණ්ඩායමට හැකි විය.


හක්මන, මීරිගම, නාරාහේන්පිට, අරලියගහ මන්දිරය ඇතුළු පොලිස් ස්ථාන ගණනාවක ස්ථානාධිපතිවරයකු ලෙස රාජකාරි කර ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන් වීරවර්ධන වසර පහහමාරක කාලයක් වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේය. එම කාලය තුළ මෙම ප්‍රදේශවල ජීවත්වන පාතාල කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති ස්ථානාධිපතිවරයාට මෙම අපරාධය පැය 2ක කාලයක් තුළදී විසඳා ගැනීමට හැකි වීම විශේෂත්වයක් විය.ඒ අනුව තම පුංචි අම්මාගේ රන් භාණ්ඩ සහ මුදල් පැහැරගත් ඇගේ සොහොයුරියගේ ලේලිය අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිර්පත් කිර්මට නියමිතව තිබිණි.
(කීර්ති මෙන්ඩිස්)

gossiplanka image 2


gossiplanka image 3