2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ප්‍රකාශ කළාය.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.
විභාග කොමසාරිස් ජනරාල්වරිය ලබාදුන් සංඛ්‍යාලේඛන අනුව, මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටිති. එපමණක් නොව, සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ලබාගත් සිසුන් 13,392ක් සිටින බවද ඇය පැවසුවාය. මෙය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%ක් වන අතර, සියලුම විෂයන් අසමත් සිසුන් ප්‍රතිශතය 2.34%ක් බවද ඒ මහත්මිය අනාවරණය කළාය.
පළාත් අනුව ප්‍රතිඵල
එක් එක් පළාත් අනුව වැඩිම සිසුන් පිරිසක් සමත් වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එය 75.64%ක් ලෙස වාර්තා වී තිබේ.
පළාත් අනුව ප්‍රතිඵල
පළාත් අනුව සමත් ප්‍රතිශත විශ්ලේෂණය කිරීමේදී:
- බස්නාහිර - 74.47%
- මධ්‍යම - 73.91%
- දකුණු - 75.64%
- උතුරු - 69.86%
- නැගෙනහිර - 74.26%
- වයඹ - 71.47%
- උතුරු මැද - 70.24%
- ඌව - 73.14%
- සබරගමුව - 73.44%
විෂයන් අනුව ප්‍රතිඵල
විෂයන් අනුව සමත් ප්‍රතිශතය විශ්ලේෂණය කිරීමේදී, සමත්වූ ප්‍රතිශත මෙසේය.
- ගණිතය 69.07%
- විද්‍යාව 71.06%
- ඉංග්‍රීසි 73.82%
- බුද්ධර්මය - 83.21%
- ශෛවනෙරි - 82.96%
- කතෝලික - 90.22%
- ක්‍රිස්තියානි - 91.49%
- ඉස්ලාම් - 85.45%
- සිංහල භාෂාව හා සාහිත්‍ය - 87.73%
- දෙමළ භාෂාව හා සාහිත්‍ය - 87.03%
- ඉතිහාසය - 82.17%
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ ආගමික විෂයන් සඳහා ඉහළ සමත් ප්‍රතිශතයක් වාර්තා වී තිබීමයි. ක්‍රිස්තියානි විෂය 91.49%ක ඉහළම සමත් ප්‍රතිශතය වාර්තා කර ඇති අතර, කතෝලික විෂය 90.22%ක සමත් ප්‍රතිශතයක් වාර්තා කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල්වරිය විසින් ඉදිරිපත් කරන ලද දත්ත අනුව, 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමස්තයක් ලෙස සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති අතර, ගණිතය සහ විද්‍යාව වැනි විෂයන්හි සාපේක්ෂව අඩු සමත් ප්‍රතිශතයන් පිළිබඳව අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් පෙනෙන්නට තිබේ.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත පදනම්ව උසස් පෙළ විෂයන් තෝරාගැනීමේදී මෙම ප්‍රතිඵල මහත් වැදගත්කමක් ගන්නා බැවින්, සිසුන්, දෙමාපියන් සහ පාසල් පද්ධතිය සඳහා මෙම ප්‍රතිඵල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval