හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදුවිය.
එස්. එම්. චන්ද්‍රසේනගේ බිරිඳත්, ඔහුගේ සහෝදරයා වන එස්. එම්. රංජිත් ද මේ වනවිටත් සිර දඩුවම් විඳිමින් සිටින්නන්ය.
එස්. එම්. රංජිත්ගේ ලේකම් ලෙස කටයුතු කර තිබුණ එස්. එම්. චන්ද්‍රසේනගේ බිරිඳ ශාන්ති හා එක්ව රංජිත්ගේ අයථා ගනුදෙනු රැසක් හෙළිවීමෙන් පසු ඔවුන් සිරගත විය. එම අවස්ථාවේ චන්ද්‍රසේන කියා තිබුනේ එය සුළු අත්වැරදීමක් බවත් සිදුවන්නේ පලිගැනීමක් බවත්ය.
මේ අතර මීට දින කිහිපයකට පෙර චන්ද්‍රසේනගේ නම ඉඟි කරමින් වැව්තාවුලුවල ඉඩම් නීතිවිරෝධීව අත්පත් කරගෙන සුපිරි හෝටල් සහ නිවාස ඉදිකළ හිටපු ප්‍රබලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බව අමාත්‍ය ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval