same-sex-marriage-is-not-a-human-right-archbishop

 සමලිංගික විවාහය මානව අයිතිවාසිකමක් නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ ප්‍රකාශ කරති. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ, බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනි. 



විදේශීය රටවල පවතින සමලිංගික විවාහ වැනි සංකල්ප, මානව අයිතිවාසිකම් ලෙස හුවා දක්වමින් ඇතැම් සංවිධාන විසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රචාරය කිරීමට උත්සාහ දරන බවද කාදිනල් හිමියෝ එහිදී පෙන්වා දුන්හ.

පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුට හෝ කාන්තාවන් දෙදෙනෙකුට පවුලක් නිර්මාණය කර දරුවන් ලැබිය නොහැකි පසුබිමක, එය මානව අයිතිවාසිකමක් වන්නේ කෙසේදැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.

වර්තමානයේ තරුණ තරුණියන් විවාහ ජීවිතය නිසි ලෙස අවබෝධ කර නොගෙන, හුදෙක් හැඟීම් මත පදනම්ව සහකරු හෝ සහකාරිය තෝරාගැනීම නිසා බොහෝ විවාහ තාවකාලික අත්දැකීම් බවට පත්ව ඇතැයි ද අගරදගුරු හිමියෝ විවේචනය කළහ.



අතීතයේ දෙමාපියන්ගේ එකඟතාව මත සිදුවූ විවාහ, වර්තමානයට වඩා සාර්ථක වූ බව සිහිපත් කළ උන්වහන්සේ, සමලිංගික විවාහ වැනි දූෂිත ආකල්ප සඳහා සමාජයේ ඉඩ නොදිය යුතු බවට අවධාරණය කළහ.