the-conductor-who-returned-a-valuable-watch-that-had-been-lost-by-a-spanish-couple

 ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ස්පාඤ්ඤ ජාතික යුවළකගේ නැතිවූ, ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු අත් ඔරලෝසුවක් නැවත සොයා හිමිකරුවන්ටම භාරදුන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු පිළිබඳව මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වේ.



මෙම සංචාරක යුවළ, ඉකුත් 22 වනදා මහනුවර සිට මහියංගණය දක්වා "ජයතිස්ස ලංකා" නම් පෞද්ගලික බස් රථයකින් ගමන් කර ඇති අතර, එහිදී ඔවුන් සතු "ඇපල්" වර්ගයේ ඔරලෝසුව නැතිවී තිබේ. පසුව ඔවුන් නවාතැන් ගත් හෝටලයේ හිමිකරුගේ සහාය ඇතිව, බස් රථයේ ප්‍රවේශ පත්‍රයේ තොරතුරු ඔස්සේ බස් රථයේ හිමිකරු සම්බන්ධ කරගෙන ඇත.



ඒ ඔස්සේ සිදුකළ විමසීමකදී, බස් රථය පිරිසිදු කිරීමේදී එහි කොන්දොස්තරවරයා විසින් ඔරලෝසුවක් අහුලාගත් බවට තහවුරු වී තිබේ. ඒ අනුව, පසුදින (23) දහවල් මහියංගණය පෞද්ගලික බස් නැවතුම්පොළේදී අදාළ කොන්දොස්තරවරයා විසින් විදේශීය යුවළ වෙත ඔවුන්ගේ වටිනා ඔරලෝසුව නැවත භාර දීමට කටයුතු කර ඇත.

මෙම අවංක ක්‍රියාව සිදුකර ඇත්තේ, මැදමහනුවර, ගල්ලියද්ද ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි චන්දන දිසානායක නැමැති කොන්දොස්තරවරයා විසිනි. තම වටිනා භාණ්ඩය නැවත ලැබීමෙන් ඉමහත් සතුටට පත් විදේශීය යුවළ, ශ්‍රී ලාංකිකයන්ගේ අවංකභාවය පිළිබඳව සිය ගෞරවනීය ස්තූතිය පිරිනමා තිබේ.



gossiplanka image 1
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Print Article



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Loading posts...


ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ