
බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ හෝටලයකින් සන්තෝසම් මුදලක් ඉල්ලා සිටි බවට නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝවක් මගින් මෙම චෝදනාව එල්ල කර ඇති අතර, එයට පාදක වී ඇත්තේ අදාළ හෝටලයේ සොරකමක් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවකට සහකාර පොලිස් අධිකාරිවරයා පැමිණි අවස්ථාවේ සිදුවූ සිදුවීමකි. එම අවස්ථාවේ හෝටලය ඉදිරිපිට පදික වේදිකාවේ පුටු තබාගෙන පිරිසක් දුම්වැටි පානය කරනු දුටු නිලධාරියා, පදික වේදිකාව මහජන ගමනාගමනය සඳහා ඇති බැවින් එම පුටු ඉවත් කරන ලෙස හෝටල් හිමිකරුට දැනුම් දී තිබේ.
එම උපදෙස් දීම මුල් කරගනිමින් මෙම චෝදනාව ගොතා ඇති බවට මූලික විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.
මෙම සිදුවීමට පෙර, හෝටලයේ මෑතකදී සේවයට යොදවාගත් සේවකයෙකු විසින් රුපියල් ලක්ෂයක පමණ මුදලක් සහ හිමිකරුට අයත් පවුම් එකහමාරක රන් මාලයක් සොරකම් කර පළාගොස් තිබිණි. හෝටල් හිමිකරු ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබුණ ද, සැකකාර සේවකයාගේ ජාතික හැඳුනුම්පත් පිටපතක් හෝ ලිපිනයක් වැනි කිසිදු තොරතුරක් තමන් සතුව තබාගෙන නොමැති බව ඔහු පොලීසියට දන්වා ඇත.
සහකාර පොලිස් අධිකාරිවරයා එම ස්ථානයට ගොස් ඇත්තේ එම සොරකම සම්බන්ධ විමර්ශනය සඳහාය.
පොලිස් සේවයට එක්වී වැඩි කලක් නොවන ආධුනික නිලධාරියෙකු වන මෙම සහකාර පොලිස් අධිකාරිවරයා සන්තෝසම් ඉල්ලූ බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව මංගල දෙහිදෙණිය මහතා අවධාරණය කළේය. මෙම හෝටල් හිමිකරු මීට පෙර තලංගම පොලීසියේ සැරයන්වරයෙකු සමඟ නොමිලේ ආහාර සහ තේ ඉල්ලීමක් මුල් කරගෙන ගැටුමක් ඇති කරගෙන තිබූ බවත්, එම සිද්ධිය විභාග කර අදාළ සැරයන්වරයා ස්ථාන මාරු කිරීමට ද තමන් කටයුතු කළ බව ඒ මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ උදය කුමාර වුට්ලර් මහතා ප්‍රකාශ කළේ, ප
ොලිස් නිලධාරියා පදික වේදිකාවේ පුටු තැබීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අවස්ථාවේ ආරක්ෂක කැමරා දර්ශන යොදාගනිමින්, වෙනත් අර්ථයක් ලබා දෙන පරිදි මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බවයි. කිසියම් නිලධාරියෙකු අතින් නීති විරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව නිල වශයෙන් පැමිණිලි කිරීමට මහජනතාවට අවස්ථාව ඇති බවත්, තරාතිරම නොබලා ඕනෑම නිලධාරියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කිසිසේත් පසුබට නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval