rochelle-melanie-abeygunawardena-released-on-two-bails-of-2-million-each

අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය අද(31දා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
ඒ අනුව ඇය රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කටයුතු කර ඇත.





නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර එකලස් කරන ලද ආන්දෝලනාත්මක ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන්  රොශෙල් මෙලනි අබේගුණවර්ධන මහත්මිය . නීතිඥවරයෙකු මාර්ගයෙන් ඊයේ (30) උදෑසන පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන
ඒකකය වෙත භාර වීමෙන් අනතුරුව, පැය හතකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලද අතර අද අධිකරනයේදී ඇප ලැබුණි.



මෙම සිදුවීමට අදාළව ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන ඇය, නීතිවිරෝධීව ආනයනය කළ මෝටර් රථයේ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ ලෙස ඇතුළත් කිරීමේ චෝදනාව මත විමර්ශනයට ලක්වෙමින් සිටියාය. පොලීසිය මගහරිමින් සිටි ඇය දින ගණනාවකට පසු ඊයේ මතුවිය.

ඒ අනුව, රොශෙල් අබේගුණවර්ධන මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා පසුගිය 24 වන දා මතුගම අධිකරණයට භාර වූ අතර ඔහු හෙට අගෝස්තු මස 01 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

මෙම නඩුවට අදාළව පසුගිය 24 වනදා මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.