සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා දින 90ක නොමිලේ පැමිණීමේ (on-arrival) වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මෙම නව වීසා ක්‍රමය 2025 ජූලි 29 වැනිදා සිට (පෙරේදා සිටම) ක්‍රියාත්මක වන අතර, මෙම පහසුකම ලබාගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම මෙන්ම මාලදිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ වියදම් සඳහා ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් ඇති බව තහවුරු කිරීම අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින වීසා පහසුකම් පිළිබඳ ගිවිසුමේ විධිවිධානවලට සහ එරට ආගමන හා විගමන නීති රෙගුලාසිවලට යටත්ව, දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව මාලදිවයින් රජය සඳහන් කරයි. මෙමගින් තම රජය ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතාවලට ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙන බව යළි තහවුරු වන බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval