අලිඑක්ස්ප්‍රස් (Aliexpress) සේවාව ශ්‍රී ලංකාවට සිදුකරන භාණ්ඩ බෙදාහැරීම අත්හිටුවා ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන වාර්තා හේතුවෙන් බොහෝ දෙනෙකු අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත්, සිදුකරන ලද සොයා බැලීමක දී තහවුරු වූයේ එම සේවාව මෙරට තුළ තවදුරටත් ක්‍රියාත්මක වන නමුත්, එහි මෙහෙයුම් ක්‍රමවේදයේ යම් යම් වෙනස්කම් සිදුව ඇති බවයි.
විශේෂයෙන්ම, පාරිභෝගිකයන්ට මෙතෙක් ලැබුණු "නොමිලේ නැව්ගත කිරීමේ" (Free Shipping) අවස්ථාව බොහෝ භාණ්ඩ සඳහා අහිමි වී ඇති අතර, නැව් ගාස්තු අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන කරුණකි. ඇතැම් අවස්ථාවලදී භාණ්ඩයේ වටිනාකම මෙන් කිහිප ගුණයක් වන නැව් ගාස්තුවක් ගෙවීමට සිදුවීම පිළිබඳව පාරිභෝගිකයෝ සිය අප්‍රසාදය පළ කරති.පෙරදී නොමිලේ නැව්ගත කිරීමේ පහසුකම යටතේ භාණ්ඩ ගෙන්වූව ද, දැන් නැව් ගාස්තු රහිත භාණ්ඩවල මිල ඉහළ දමා හෝ නැව් ගාස්තු සමග වන මුළු වටිනාකම අධික ලෙස ඉහළ දමා ඇත.
නව රේගු බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් ලාභදායී දේශසීමා බෙදාහැරීමේ මාර්ග වෙත ප්‍රවේශය අවහිර කර ඇති නව රේගු බදු ප්‍රතිසංස්කරණවලින් පසුව AliExpress විසින් පකිස්ථානයටද නැව්ගත කිරීමේ විකල්ප කිහිපයක් නවතා දමා ඇත.පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු ගමනාන්ත මාර්ග සඳහා නොබැඳි සැකසුම් ආරම්භ කර ඇති බව කියමින් මේ ගැන විකුණුම්කරුවන්ට පණිවිඩයක් නිකුත් කරමින් AliExpress තහවුරු කර තිබේ.
කෙසේ වෙතත් ඇතිවූ මෙම තත්ත්වයට හේතුව ලෙස සමාජ මාධ්‍ය තුළ මත පළවූයේ ශ්‍රී ලංකා රේගුව විසින් මාර්ගගත ක්‍රමයට ගෙන්වන භාණ්ඩ සඳහා වන බදු ඉහළ දැමීමක් සිදුකර ඇති බවයි. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළ රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, රේගුව මගින් භාණ්ඩ නැවැත්වීමක් හෝ බදු ඉහළ දැමීමක් සිදුකර නොමැති බවයි. සිදුව ඇත්තේ, මෙතෙක් කල් ඉහළ පරිමාව හේතුවෙන් නිසි පරිදි ක්‍රියාත්මක නොවූ, නීතියෙන් නියමිත නිවැරදි බදු මුදල අය කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම බව ඔහු අවධාරණය කළේය.
මෙම ක්‍රමය අනිසි ලෙස භාවිත කරන බව නිරීක්ෂණය වීමෙන් අනතුරුව, මාස එකහමාරක පූර්ව දැනුම් දීමකින් පසුව මෙම නව විධිමත් ක්‍රියාවලිය සති දෙකකට පෙර ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. නියමිත බදු මුදල් ගෙවන ඕනෑම අයෙකුට කිසිදු බාධාවකින් තොරව භාණ්ඩ නිදහස් කරගත හැකි අතර, ඒ සඳහා පාරිභෝගිකයා පෞද්ගලිකව රේගුව වෙත පැමිණීම අවශ්‍ය නොවන බවත්, අදාළ බෙදාහැරීමේ ආයතන විසින් එම නිෂ්කාශන කටයුතු සිදුකරනු ලබන බවත් ඔහු පැහැදිලි කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මතුවූ දැඩි කතාබහත් සමග,
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ද සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ඒ පිළිබඳව සටහනක් තබමින් සිය අවධානය යොමුකර තිබිණි. එය පහතින්
කස්ටිය පැනික් වෙලා නිසා පොඩි සටහනක් දාන්න හිතුනා.
ali express එකෙන් දේශපලනය කරන සමහරු ලියල තිබ්බා ආණ්ඩුව අලුත් බද්දක් ගහල කියල ☺
ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ
ලංකාවෙ දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය වෙනස් කරල තියෙන්නෙ
මීට පෙර කිලෝ එකක පාර්සලයක ඕනෙම බඩුවක් රු 800ක බද්දක් ගෙවල Clear කරන්න පුලුවන්, ඒ වගේම නිශ්චිත අගයකට අඩුනම් බදු apply වෙන්නෙ නෑ ( මේකෙදි උනේ under value invoice දාන එක)
මේ ක්‍රමේ අනේක විදිහට අවභාවිතා කලා (මැච් එකක් ගැහුවා සමහරු)
දැන් නිවැරැදි ක්‍රමයට යනවා, ගෙන්වන පාර්සල් වල HS code එකට අනුව Tax වෙනවා. බර අනුව නෙමේ
මේ ක්‍රම වෙනස නිසා අධ්‍යාපන හා පර්‍යේෂණ කරයුතු වලට ගේන එක් එක් අයිතම බදු වලට යටත් වෙලා කියල චෝදනාවක් තියෙනවා. ඒක මේ වෙලාවෙ තාවකාලිකව එහෙම වෙන්න පුලුවන්, මොක්ද ඒව බේරන්න රෙගුලාසි හදල නෑ.
අපිට කරන්න පුලුවන් දේ තමයි ඒ අධ්‍යාපනික පරේශන උපාංග HS code හා ප්‍රමාණ මත ඉදිරියට සහනයක් සලසන්න වැඩපිලිවෙලක් හදන්න. මේ දේ ඉතා ඉක්මනින් කරන්න රජය මැදිහත්වීමක් කරයි.
System Change ☺ කලබල වෙන්න එපා හොදම system එක නිවැරැදිම ක්‍රියාවලිය අපි රටක් විදිහට හදාගමු.
ආර්ථිකයේ සම බිමක් හදල අයුතු ලාභ ඉවත් කිරිම හා Dumping නැවැත්වීමට මේ රජය කල හැකි සියල්ල කරනවා
අර්බුදයට සැබෑවට ලක්වුන පර්‍යේෂකයන්ට ඒ අදාල HS code ලිකිතව රේගු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න
චතුරංග අබේසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval