
නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් වංචා සහගතව ලබාගත් බව. කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර යසාර කොතලාවල නමැති පුද්ගලයකු මෙම මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ (2දා) නියෝග කළාය.
මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයාට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් එම සිද්ධියෙන් ඇප මත මුදාහැර සිටින අතරතුරදී මොහු මෙම වංචාව කර ඇති බවද කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය. මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බැවින් සැකකාර පුද්ගලයා ඇප මත මුදානොහරින ලෙසද විමර්ශන නිලධාහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
සැකකාර පුද්ගලයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ පේමරත්න මහතා පෙනී සිටිමින් කියා සිටියේ තම සේවාදායකයා එතරම් මුදලක් ලබා ගෙන ඇත්තේ පැමිණිලිකාර පුද්ගලයාගේ වීසා කටයුතු සකස් කිරීම ඇතුළු
කරුණු කාරණා සඳහා බවද අධිකරණයට පෙන්වා දුන්නේය. එබැවින් තම සේවාදායකයා ඇප මත මුදාහර්න ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. දෙපාර්ශ්වය දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වර්ය සැකකාර පුද්ගලයා මෙම මස නවය වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මෙම මස අට වැනි දින කොටුව උසාවිය වෙත ඔහු ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval