කොළඹ, රත්මලාන ගුවන් තොටුපොළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යා කරමින් සෘජු දේශීය ගුවන් සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගම වෙත නිල අවසරය හිමිවී තිබේ. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එම සමාගම වෙත අදාළ දේශීය වාණිජ ගුවන් මෙහෙයුම් බලපත්‍රය (Air Operator Certificate) පිරිනමා ඇත.
මෙම ගුවන් ගමන සඳහා අපේක්ෂිත කාලය පැයක් සහ මිනිත්තු විස්සක් වන අතර, මෙම සේවාව වෙනුවෙන් සෙස්නා-208 වර්ගයේ ගුවන් යානයක් යොදාගැනීමට නියමිත බව එම ගුවන් සමාගම පවසයි.
මෙම සේවාව යටතේ රත්මලානේ සිට යාපනයට යාමට රු 22000 ක මුදලක් අය කරන අතර කිලෝග්‍රෑම් 7 ක ගමන් මළු රැගෙන යා හැකිය. සති අන්තයේ හා සතියේ දින දෙකක ගමන් වාර ක්‍රියාත්මකය.
Comments
Post a Comment
Your comment will be visible after approval