largest-gold-haul-worth-rs-110-million-seized-while-being-smuggled-from-a-katunayake

ශ්‍රී ලංකාවට ගුවන් මගියෙකු විසින් මෙතෙක් රැගෙන ඒමට උත්සාහ කළ ඉතිහාසයේ විශාලතම රන් තොගය ඊයේ (15) දින කටුනායක ගුවන්තොටුපොළේදී සිය භාරයට ගැනීමට රේගු නිලධාරීන් සමත් විය.



රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුත් මෙම රන් තොගයේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 35 ඉක්මවූ අතර, ඊට රන් බිස්කට් 195ක් සහ කිලෝග්‍රෑම් 13ක් බරැති ස්වර්ණාභරණ තොගයක් ද ඇතුළත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේය.

මෝටර් රථ අමතර කොටස් ලෙස පෙනෙන සේ සූක්ෂම ලෙස සකස් කරන ලද විශේෂ උපකරණ නවයක් තුළ

මෙම රත්තරන් තොගය සඟවා, අනතුරුව ඒවා සිය ගමන් මල්ලේ බහාලමින් මෙරටට රැගෙන ඒමට සැකකරු කටයුතු කර තිබිණි.

මෙම නීති විරෝධී ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු ඊයේ (15) දින උදෑසන 8.40 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 650 දරණ යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙම වැටලීමේ සුවිශේෂීත්වය සහ වැදගත්කම හේතුවෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි අතර, සැකකරු රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

gossiplanka image 1


gossiplanka image 2


gossiplanka image 3