oil-mill-owners-protest-decision-to-package-cooking-oils-including-coconut-oil-consumer-affairs-chairman

පොල්තෙල් ඇතුලු ආහාර පිසීමට ගනු ලබන තෙල් ඇසුරුම්කර විකිණීමට රජය විසින් ඉකුත්දා ගත් තීරණයට පොල්තෙල් මෝල් හිමියන් විසින් බාධා කරන බව පාරිභෝ්ගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසයි. රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ වෙනත් විස සහිත තෙල් වර්ග පොල්තෙල්

සදහා කවලම් කිරීමෙන් පිළිකාව, හෘද රෝග ඇතුලු භයානක රෝග ඇතිවීමේ අවධානම පිළිබදව  සෞඛ්‍ය අංශ විසින් අනතුරු අගවා තිබිම හේතු කොටගෙන බවත් එම තීරණය මෙරට පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යය කෙරෙහි බලපාන වැදගත් තීරණයක් බවත් එම තීරණයට බාධා කරන

මෝල් හිමියන් මෙරට දෛනිකව මියයන සියයකට අධික පිළිකා රෝගීන්ගේ හා හෘද රෝගීන්ගේ  මරණ වලට වගකිවයුතු බවත් ඔහු තවදුරටත් පවසයි.
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසූවේ පොල්තෙල් ඇසුරුම්කර පමණක් විකිණීම සදහා වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි.
මේ අතර ප්‍රකට හෘදරෝග විශේෂඥයකු වන වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභාගීවෙමින් පැවසූවේ කවලම් නොකරන ලද පිරිසිදු  පොල්තෙල් පරිභෝජනය මනුෂ්‍ය ශරීරයට ඉතා හිතකර බවයි.