කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආශ්‍රිත ආරක්ෂිත කලාපය තුළ සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස ගුවන්තොටුපොළ බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාව හේතුවෙන් ගුවන් යානාවලට මෙන්ම ගුවන් මගීන්ගේ ජීවිතවලටද බරපතළ අවදානමක් නිර්මාණය වී ඇති බවයි. මෙම උපදෙස් නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා අවධාරණය කළේය.
විශේෂයෙන්ම ගුවන්තොටුපොළ වටා අඩි 300කට වඩා ඉහළ අහසේ සරුංගල් යැවීම නීති විරෝධී ක්‍රියාවක් වන අතර, එවැනි අවස්ථාවලදී නිත්‍යානුකූලව කටයුතු කිරීමට සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.අගොස්තු මාසය ආසන්නයේ පවතින සුළං තත්වය මත සරුංගල් සමය දැනටමත් ආරම්භවී ඇති අතර පාසල් සිසුහු මීට උනන්දුවක් දක්වති
Comments
Post a Comment
Your comment will be visible after approval