මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා තම සත් හැවිරිදි දියණිය සහ බෝනික්කෙකු යොදාගත් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු සීදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් කොටුකරගෙන ඇත.
පසුගිය සෙනසුරාදා (26) අලුයම මීගමුව පොලිස් බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වූ හදිසි සෝදිසි මෙහෙයුමක් අතරතුර, සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේ බෝඩිම් කාමරයක් පරීක්ෂා කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී හෙරොයින් ග්‍රෑම් 6ක් සහ මත්ද්‍රව්‍ය කිරන ඩිජිටල් තරාදියක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලීසිය පවසන්නේ, අඩි තුනක් පමණ උස බෝනික්කෙකුගේ ඇඳුම තුළ ඩිජිටල් තරාදිය සූක්ෂම ලෙස සඟවා, මත්ද්‍රව්‍ය ජාවාරමේදී සැකකාරිය විසින් තම කුඩා දියණියගේ අතට එම බෝනික්කා ලබා දීමට පුරුදුව සිට ඇති බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ද සැකකාරියගේ දියණිය ඇය සමඟ එම බෝඩිම් කාමරයේ රැඳී සිට ඇත.
ප්‍රධාන සැකකාරිය වන 29 හැවිරිදි කාන්තාව කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, මීට පෙර රාත්‍රී සමාජ ශාලාවක නාට්‍යාංගනාවක් ලෙස සේවය කර ඇති බවට හෙළිවී තිබේ. ඇයට මෙම ජාවාරම සඳහා කැලණිය සහ රාගම ප්‍රදේශවල පදිංචි අනෙක් සැකකරුවන් දෙදෙනා සහාය වී ඇත.
ඔවුන් විසින් රැගෙන එන මත්ද්‍රව්‍ය මෙම බෝඩිම් කාමරයේදී ඇසුරුම් කර සීදූව, කටුනායක සහ මීගමුව යන ප්‍රදේශවල අලෙවි කර ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval