හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් තිලිණි ප්‍රියමාලිව අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණ නිලධාරියාගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධ පැමිනිල්ල විභාග කිරීමට ඇයට පොලිසියට වාර්තා කරන ලෙසදන්වා තිබී අධිකරණය මගින්ද එය නැවත මතක්කර තිබුණත් ඇය එය දිගින් දිගට මගහැර තිබූ අතර අද (28) උදෑසන පොලිසියට පැමිණ එම විමර්ශනයට සහභාගීවූ අවස්ථාවේ
තිලිනි ප්‍රියමාලි නමැති කාන්තාවකට අදාළ නඩුවක සිතාසි භාරදීමට යාමේදී එය ප්‍රතික්සේප කරමින් එම භාරදුන් පුද්ගලයාගේ සිතාසියේ පිටුපස යමක් ලියා එය පුද්ගලයාට දමාගසමින් ඉංග්‍රීසි හා සිංහල බසින් බැණවැදී අධිකරණ ක්‍රියාමාර්ගයක් හෑල්ලුවට ලක්කිරීම හා රාජකාරී නිලධාරියෙකුගේ සේවයට බාධා කිරීමේ සිදුවීමක් ගැන පසුගියදා වාර්තා විය.
මේ සම්බන්ධයෙන් එම නිලධාරියා මින් ඉහත හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කරත් කිසිවක් සිදු නොවි තිබූ අතර පසුව අධිකරණයට මෙම කාරනාව ගෙනයාමෙන් පසු පොලිසියට බල කළේ මේ ගැන සොයා බලන ලෙසයි.
නමුත් ඊට පසු ගතවූ කාලයේත් ඒ ගැන කිසිදු උනන්දුවක් හෝමාගම පොලිසියට නොතිබූ නිසා සිතාසි භාර දෙන නිලධාරීන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සිදුවන අසාධාරණය පැහැදිලි කර තිබුනි.
අනතුරුව හෝමාගම අධිකරණයේ විභාග වන නඩුවකට අයුතු ලෙස බලපෑම් කිරීම සහ අසත්‍ය තොරතුරු ප්‍රසිද්ධ කලාය කියමින්, අධිකරණ නිලධාරියාට එරෙහිව තිළිණි ප්‍රියමාලි විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර සිය නීතිඥවරුන් මාර්ගයෙන් යොමු කර ඇති මෙම පැමිණිල්ල මගින් අදාළ නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ඉල්ලා තිබුණි.
මෙම සියලු දුෂ්කරතා මැද සිතාසි නිලධාරියා දිගින් දිගට ක්‍රියාකර තිබූ අතර පැමිණිල්ල විභාග කිරීමේදී අද පොලිසියේදී තිලිනි ප්‍රියමාලි අත්අඩංගුවට පත්වන්නේ එලෙසිනි.
අත්අඩංගුවට පත්වූ තිලිනි ප්‍රියමාලී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුදල් විශුද්ධිකරණය හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ නීතිමය ගැටලු රැසකට මුහුණදී සිටින තිලිනි ප්‍රියමාලි කාලයක් සිරගතවද සිටි කාන්තාවකි.
Comments
Post a Comment
Your comment will be visible after approval