ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබද ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේ දී ලබන 25 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (8) තීරණය කළේය.
මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්ලිව්.බී ඒකනායක සහ ලකී ජයවර්ධන යන මහත්වරුන් පිළිබඳ ශෝක යෝජනා විවාදද එදිනම පැවැත්වේ.
විවාදය එදින පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට නියමිතය. මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය මැයි මස 23 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විට 78 වැනි වියේ පසු වූවාය.

