ඉන්දියානු ජාතිකයෙකුට අයත් රුපියල් කෝටි 1.5කට අධික වටිනාකමකින් යුතු සුඛෝපභෝගී මෝටර් රථයක් සොරකම් කර, එය රුපියල් ලක්ෂ 15ක අඩු මුදලකට මිලදී ගත් පුද්ගලයෙකු ජාඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සොරකම් කරන ලද මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.
මෙම මෝටර් රථය, ජාඇළ, ඒකල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස සේවය කරන ඉන්දියානු ජාතිකයෙකුට අයත් එකකි.
ඔහුගේ සමීපතම ශ්‍රී ලාංකික මිතුරෙකු විසින් ඒකල, මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නවතා තිබූ මෙම මෝටර් රථය සොරකම් කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ සොරකම් කරන ලද මෝටර් රථය මිලදී ගත් කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කලක සිට සොරකම් කරන ලද වාහන අඩු මිලට ගෙන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවන්නෙකු බවට පොලිසිය සැක කරයි.
මෝටර් රථය සොරකම් කළ ප්‍රධාන සැකකරු වන ඉන්දියානු ජාතිකයාගේ මිතුරා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval