horse-killing-patient-admitted-to-colombo-national-hospital-with-chikungunya

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින, ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ චිකුන්ගුන්යා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.





ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 37 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලීසියේ දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ එම වාට්ටුව පවත්වාගෙන යනු ලබයි. වාර්තා වන අන්දමට, ආරක්ෂක හේතූන් මත එම වාට්ටුව සම්පූර්ණයෙන්ම ඔහු වෙනුවෙන් වෙන් කර ඇති අතර, වෙනත් කිසිදු රෝගියෙකු එහි ඇතුළත් කර නොමැත.

මේ අතර, තමාට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබාදෙන මෙන් ‘හරක් කටා’ විසින් ආරක්ෂක නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවටද තොරතුරු වාර්තා විය. කෙසේ වෙතත්, අදාළ බලධාරීන් විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට ඇත.