judge-arrested-for-accepting-bribe-to-give-favorable-verdict


දික්කසාද නඩුවකින් කාන්තාවකට වාසිදායක තීන්දුවක් ලබා දීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගත් කඳුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙකු සහ ලිපිකරුවෙකු අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.





අල්ලස් කොමිසම සඳහන් කරන්නේ, දික්කසාද නඩුවකට මුහුණ දුන් කාන්තාවකට වාසිදායක තීන්දුවක් ලබා දීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි. පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන්, සැකකරුවන් දෙදෙනා අධිකරණ කාර්යාල පරිශ්‍රයේදීම අත්අඩංගුවට ගෙන ඇත.

මුස්ලිම් ප්‍රජාවට අදාළ නීති පසිඳලීමට 'ක්වාසි' (කාති) අධිකර​ණ දිස්ත්‍රික්ක දොළහක අධිකරණ ආයතන විසිපහක් පවතී.
අත්අඩංගුවට ගත් විනිසුරුවරයා සහ ලිපිකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා කඳුරුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.