ganja-fueled-talk-aside-switch-fault-reported-to-court-in-deadly-borella-crane-accident

බොරැල්ල, කනත්ත වටරවුම අසලදී එක් අයෙකුට මරු කැඳවමින් පුද්ගලයන් හත් දෙනෙකුට බරපතළ තුවාල සිදුකළ දොඹකර රථයේ එන්ජිම ක්‍රියා විරහිත කිරීමේ ස්විචය අක්‍රියව පැවති බවට විමර්ශනවලදී හෙළිවී ඇතැයි බොරැල්ල පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකර රියදුරු අගෝස්තු 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් එම්.එන්. රිස්වාන් මහතා ඊයේ (29) නියෝග කළේය.

පසුගිය 28 වැනිදා උදෑසන 8.45ට පමණ සිදුවූ මෙම දරුණු අනතුරින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර, යතුරුපැදි හයක් සහ මෝටර් රථ තුනකටද දැඩි හානි සිදුවී තිබේ. අනතුර වන අවස්ථාවේ දොඹකරය මීටර් දෙසීයක පමණ දුරක් තිරිංග ක්‍රියා විරහිතව ධාවනය වී ඇති බවට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

පොලීසිය අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රථය අධික ලෙස රත්වීමෙන් තිරිංග අක්‍රිය විය හැකි බව දැන දැනම සැකකාර රියදුරු එය මාර්ගයේ ධාවනය කර ඇති බවයි.

එමෙන්ම, සැකකාර රියදුරු ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවකින්ද තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
කෙසේ වෙතත් ගංජා ගැසුවත් නැතත් රියදුරුගේ ස්විච් ප්‍රශ්නය මෙයට බලපාන ආකාරයකත් පොලිසිය පැහැදිලි කළ අතර දොඹකරයේ හිමිකරු විසින් වාහනය නිසි පරිදි නඩත්තු කර නොමැති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි දන්වා තිබේ.

කෙසේ වෙතත්, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ප්‍රකාශ කළේ, ගංජා ගැැසුවා යයි චෝදනා ලද රියදුරු කඩුවෙල සිට කිලෝමීටර් දහයක් පමණ කිසිදු දෝෂයකින් තොරව රථය ධාවනය කර ඇති බවත්, තිරිංග අක්‍රිය වීම රියදුරුගේ පාලනයෙන් තොරව, හදිසියේ සිදුවූවක් බවත්ය. රියදුරු ගංජා භාවිත කර ඇත්තේ අනතුරට දින හතරකට පෙර බවත්, ඔහු සතුව දොඹකර පැදවීමට අවශ්‍ය යෝග්‍යතා සහතික ඇති බවත් ඒ සමගම නීතිඥවරු පෙන්වා දුන්හ.

සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත දොඹකරයේ හිමිකරු මුදා හැරීමට නියම කළේය. මියගිය පුද්ගලයා වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් ගෙවීමට තම සේවාදායකයින් සූදානම් බවද විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.

gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5