former-vice-chancellors-disappearance-iniya-bharathi-arrested-by-cid-based-on-pillayans-revelation

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා 2006 වසරේදී අතුරුදන්වීමේ සිද්ධියට අදාළව, හිටපු එල්.ටී.ටී.ඊ. ප්‍රාදේශීය නායකයෙකු මෙන්ම ටී.එම්.වී.පී. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ ඉනිය භාරතී නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (6) අත්අඩංගුවට ගෙන තිබේ.





මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, එම සිද්ධිය සම්බන්ධයෙන්ම මේ වන විට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් සිදුකළ ප්‍රකාශයක් මත පදනම්ව බව වාර්තා වේ. රැඳවුම් නියෝග මත පිල්ලෙයාන්ගෙන් සිදුකරන දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම පියවර ගෙන ඇත.

කේ. පුෂ්පකුමාර් යන නමින් ද හැඳින්වෙන ඉනිය භාරතී, කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් යන දෙදෙනාගේම සමීපතමයෙකු ලෙස සැලකෙන අතර, ටී.එම්.වී.පී. පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස ද කටයුතු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සැකකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉදිරිපෙළ නායකයෙකු ලෙස ක්‍රියා කර ඇති බවත්,

ත්‍රස්තවාදය පැවති සමයේ සිදු වූ පුද්ගල පැහැරගැනීම් කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිලි ලැබී ඇති බවත්ය.