පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහිව එල්ල වූ සියලු චෝදනා වලට වැරදි කරු බව ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුව තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව පොලිස්පතිවරයා ධූරයෙන් නෙරපන ලෙස දන්වා ඇත.
යෝජනාව විවාදය කර සම්මත කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව කතානායකවරයා පැවසීය.
පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේදී සාක්ෂිකරුවන් කැඳවා විමර්ශනයක් සිදුවිය.
මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සාක්ෂි ලබා ගැනීම සිදුවිය.
මෙම නිර්දේශ අනුව පාර්ලිමේන්තුව මගින් ජනපතිවරයාට පොලිස්පති තනතුර වෙනස් කිරීමට අවසරය ලබාදෙන අතර එමගින් වැඩබලන පොලිස්පති කෙනෙකු වෙනුවට නියමාකාරයෙන් වෙනත් පොලිස්පති කෙනෙකු පත් කිරීමට ඉදිරියේදී හැකියාව ලැබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval