cases-filed-against-illegal-revision-of-solar-electricity-tariffs

 පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසන්නේ, මහජන උපයෝගිතා කොමිසමේ විධිමත් අනුමැතියකින් තොරව සූර්ය විදුලි ගාස්තු නීති විරෝධී ලෙස සංශෝධනය කිරීම මගින් පාරිභෝගිකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බව පෙන්වා දෙමින් සමස්ත කැබිනට් මණ්ඩලයට සහ ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බවය.



ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා විසින් ගොනු කරනු ලබන මෙම පෙත්සම මගින්, විදුලි පාරිභෝගිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි අත්තනෝමතිකව සිදු කිරීමට යෝජිත සූර්ය විදුලි ගාස්තු සංශෝධනය වහාම අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කෙරේ.



සංඛ චන්දිම අභයවර්ධන මහතා පෙන්වා දෙන්නේ වර්තමාන රජය, කැබිනට් මණ්ඩලයේ හෝ මහජන උපයෝගිතා කොමිසමේ නිසි අනුමැතියකින් තොරව මෙන්ම කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාවට නැංවීමට කටයුතු කරමින් සිටින බවයි.

මෙම යෝජිත මිල සංශෝධනය ක්‍රියාත්මක වුවහොත්, පසුගිය කාලය තුළ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ මෙරට වහල මත සූර්ය විදුලි උත්පාදන කර්මාන්තය සහ ඒ හා බැඳුණු ව්‍යාපාර පද්ධතිය මුළුමනින්ම බිඳ වැටෙනු ඇති බවට ඔහු