වාර්ෂික වාහන අදායම් බලපත්‍ර ලබාදීමේ පටිපාටියට අදාළව ඉන්ධන වාහන සඳහා අවශ්‍ය වායු විමෝචන සහතිකය ලබාගැනීමට යාමේදී ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක එම පහසුකම සලසන ආයතන දෙකින් එකක් වන ලාෆ්ස්- ඉකෝ ශ්‍රී ආයතනයේ අන්තර්ජාල සර්වරය ඊයේ (22) උදෑසන සිට ක්‍රියාවිරහිතවීමෙන් වායු විමෝචන සහතික අන්තර්ජාලයට යොමු කරන දත්ත එලෙස යොමු කිරීම නැවතී ඇත.
මේ හේතුවෙන් වාර්ෂික වාහන අදායම් බලපත්‍ර අන්තර්ජාලයෙන් ලබාගන්නට උත්සාහ කරන අයට එම කාර්යය සිදුකරගන්නට බැරිව ගොස් තිබේ.
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ මෙම කාර්යය සිදුවන්නේ වායු විමෝචනය පරීක්ෂා කරන පුද්ගලික ආයතන දෙක සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (අයිසීටී) සමග ඒකාබද්ධවීමෙන් බවත් මෙම ගැටලුව නිරාකරණයට ඔවුන් ක්‍රියාකළ යුතු බවයි.
මෙබඳු ගැටලු සුළු පරිමාණයෙන් මින් ඉහත සිදුවූ බව දැනගන්නට ලැබුණ අවස්ථාවන්හි ගැටලු විසඳන ලෙස ලිපි යොමු කිරීම මෙම අංශය මගින් සිදුකර ඇති බවද පෙන්වාදුන් අතර මෙවර ඇතිවූ ගැටලුව ගැන තවම මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුවත්ව නොමැති බවද දන්වා සිටියාය.
මේ ගැටලුව සම්බන්ධයෙන් අයිසීටී ආයතනයේ උපදේශක/ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරු උදය කස්තුරිරත්න මහතා අදහස් දක්වමින් පැවසුවේ සර්වරය ක්‍රියාවිරහිතවී ඇත්තේ ලාෆ්ස්- ඉකෝ ශ්‍රී ආයතනය පාර්ශ්වයෙන් බවත් එය නිවැරදි කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව දන්වා ඇති බවත්ය.
එසේම ඔහු පවසන්නේ මින් ඉහත සුළු පරිමාණ බිඳ වැටීම් වාර්තාවූ නමුත් මෙවර ඇතිවූ බිඳවැටීම විශාල එකක් බවයි.
ලාෆ්ස්- ඉකෝ ශ්‍රී ආයතනය පවසන්නේ මෙම ගැටලුව නිරාකරණය කිරීමට අද (23) දවස ඇතුළත හැකි උපරිම උත්සාහය දරන බවයි.
ගැටලුව නිරාකරණය කරන තුරු අන්තර්ජාලයෙන් වාහන ආදායම් බලපත්‍ර ලබාගන්නට අපහසු අයට තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා එය ලබාගැනීමට හැකියාව ඇතැයිද පෙන්වා දෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval