මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනයට ලක්වූ බවට සැකකෙරෙන, දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර වෙන්නප්පුව, සිරිගම්පොල ප්‍රදේශයේ කසළ වළකින් සොයාගෙන තිබේ. 31 හැවිරිදි ශ්‍රීජිත් ජයෂන් නමැති මෙම ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පවසන පරිදි, පසුගිය 30 වන දා රාත්‍රියේ මියගිය ව්‍යාපාරිකයා සිය මිතුරන් පස් දෙනෙකු සමඟ මත්පැන් පානය කරමින් සිට ඇති අතර, එහිදී ඇතිවූ බහින්බස්වීමක් අවසානයේ මෙම ඝාතනය සිදුවී තිබේ. සැකකරුවන් විසින් ව්‍යාපාරිකයාට පිහියකින් ඇන ඝාතනය කිරීමෙන් අනතුරුව,
සිරුර පෞද්ගලික ආයතනයකට අයත් කසළ වළකට දමා ගොස් ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇත.
මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම ව්‍යාපාරිකයා අතුරුදන්ව ඇති බවට වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් ලැබීමත් සමඟ විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී, ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය ඊයේ (03) දින සැකකාර මිතුරාගේ නිවසේ තිබී සොයාගැනීමත් සමඟ ඝාතනයේ සුලමුල හෙළිදරව් කර ගැනීමට හැකිවී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලබාදුන් තොරතුරු මත මළසිරුර තිබූ ස්ථානය සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඝාතනයට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙන්නප්පුව පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval