
දින තුනකට පමණ පෙර මියගිය බවට සැකකෙරෙන බෙර වාදන ශිල්පියෙකුගේ මළ සිරුරක් හෝමාගම, පිටිපන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයාගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි මාතරගේ දොන් පියදාස නැමැත්තෙකු වන අතර, ඔහු පිටිපන උතුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇත.
අවිවාහකයෙකු වන මෙම පුද්ගලයා, තවත් බෙර වාදන ශිල්පියෙකුට අයත් නිවසක තාවකාලිකව නවාතැන් ගෙන සිට තිබේ.
එම නිවසේ හිමිකරුවන් පසුගිය 09 වන දින කතරගම පෙරහැර නැරඹීම සඳහා පිටත්ව ගොස් දින තුනකට පසු නැවත පැමිණි අවස්ථාවේදී, මුනින් අතට වැටී මියගොස් සිටි මෙම පුද්ගලයා දැක ඇත.
ඒ සමඟම ඔවුන් විසින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ සිදුකළ දැනුම් දීමකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, මළ සිරුර පරීක්ෂා කර තිබේ. දින කිහිපයක් පැරණි බවට සැක කෙරෙන සිරුර ඒ වන විටත් නරක් වී දුර්ගන්ධය වහනය වෙමින් පැවති බව වාර්තා වේ.
අනතුරුව, හෝමාගම හදිසි මරණ පරීක්ෂිකා, සාම විනිසුරු මානෙල් ගමගේ මහත්මිය විසින් ස්ථාන පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසුව, දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම මූලික රෝහල වෙත යොමු කරන ලෙස පොලිසියට නියෝග කර ඇත. ඊයේ (13) දින එම පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ අතර, සිද්ධිය පිළිබඳව හෝමාගම මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල් (102005) දිසානායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval