තලංගම පොලිස් වසමට අයත් තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි 'ඔස්ට්‍රේසියා ස්පෝර්ට්ස් ක්ලබ්' ක්‍රීඩා සමාජ ශාලාව ආශ්‍රිතව අද (19) අලුයම වෙඩි තැබීමක් වාර්තා වී තිබේ.
ව්‍යාපාරිකයෙකු සහ සුරාබදු නිලධාරියෙකු අතර හටගත් ආරවුලක් උත්සන්න වීම මෙම සිදුවීමට මුල් වී ඇති බවට අනාවරණය වී ඇත. එහිදී ව්‍යාපාරිකයා සතුව තිබූ බලපත්‍රලාභී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් ඔහු විසින් සුරාබදු නිලධාරියා වෙත එල්ල කර ඇති අතර, පසුව එම ගිනි අවිය උදුරාගත් සුරාබදු නිලධාරියා විසින් යාබද තාප්පයකට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබේ.
මෙම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැති බව පොලීසිය තහවුරු කරයි. සිද්ධිය පිළිබඳව ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ තලංගම පොලිසියේ නිලධාරීන් විසින් අදාළ ගිනි අවිය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval