malima-municipal-councillor-dilkis-father-shot-dead-in-seeduwa

 කටුනායක – සීදුව නගර සභාව නියෝජනය කරන ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රීවරියක වන දිල්කි ද සොයිසාගේ පියා වන විශ්‍රාමික හමුදා සෙබළෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම සිදුවීමෙන් තුවාල ලැබූ ඔහු වහාම රෝහල් ගත කර ඇත.

පොලීසිය පවසන්නේ සීදුව, රාජපක්ෂපුර හතරවන මාවතේ වෙළෙඳ සැලක් ඉදිරිපිටදී මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි. යතුරුපැදියකින් පැමිණි හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇත.

සැකකරුවන් විසින් වෙඩි ප්‍රහාර තුනක් පමණ එල්ල කර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහුගේ මුඛයට සහ පාදවලට හානි සිදුව ඇති අතර, ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තුවාලකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් රාගම රෝහල වෙත පිටත්ව ගොස් ඇති අතර, සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5