court-blocks-escape-of-rohithas-daughter-and-son-in-law-from-fleeing-the-country

හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියට සහ බෑණාට විදෙස් ගමන් තහනමක් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද පනවන ලද්දේ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවය.

නීති විරෝධී අන්දමින් කොටස් ආනයනය කර එකලස් කරන ලද රුපියල් කෝටි හතරකට අධික වටිනාකමෙන් යුත් ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථයක් සන්තකයේ තබාගෙන සිට පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා රසික විතානට අලෙවි කර තිබුනේ මෙම දියණියයි.


වරදට රසික විතාන හසුවූ පසු ඔහු සිය නිර්දෝෂිභාවය දක්වමින් රෝහිත හිටපු ඇමතිගේ දියණිය වෙත ඇඟිල්ල දිගු කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත්‍රයා මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අතර සිද්ධියට සැකකරන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන වාසය කරන කළුතර නාගොඩ නිවසින් අතුරුදන්ව සිටින්නේ ඇගේ සැමියාද සමගිනි. මොවුන් දුරකථන වලට ඇමතුම්ද ලබානොදී සැඟවී සිටින අතර ‍රටින් පිටව යාමට ඉඩ ඇති නිසා එය වැළැක්වීමට අධිකරණ නියෝගය මෙසේ ලබාගෙන ඇත.
මොවුන් සිටින තැන් සොයාගැනීමට පොලිසිය තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.