යාපනය, වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩි තබා ඇත.
මෙම සිදුවීම අද (20) දින යාපනය, වඩුක්කෝඩෙයි පොලිස් වසමේ මූලායි ප්‍රදේශයේදී වාර්තා වූ අතර, පුද්ගලයින් දෙදෙනෙකු අතර ඊයේ (19) දින ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාම මෙම ගැටුමට මුල් වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
එම ආරවුල පොලිසිය දක්වා ගොස් තිබීමෙන් අනතුරුව, අද දින එම දෙදෙනාගේ පාර්ශ්වකරුවන් කණ්ඩායම් දෙකකට බෙදී මෙලෙස ගැටුම නිර්මාණය කරගෙන තිබේ. ගැටුම අතරතුර
එක් යතුරුපැදියකට ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති අතර, තවත් යතුරුපැදියකට පහර දී අලාභහානි සිදුකර ඇත.
සිද්ධිය පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු එම ස්ථානයට පැමිණි වඩුක්කෝඩෙයි පොලිසියේ නිලධාරීන් වෙත ගැටුමේ නිරත වූවන් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් පොලිස් නිලධාරීන් විසින් අහසට වෙඩි කිහිපයක් තැබීමට පියවර ගෙන ඇති අතර, මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval