rohitha-falls-ill-while-searching-for-the-car-daughter-and-son-in-law-missing

 නීති විරෝධී ලෙස මෙරට තුළ එකලස් කරන ලද මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් මත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයෙකු වන රසික විතාන, පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී. මතුගම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදුකරන දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය. 



විමර්ශනවලදී හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව, මෙම ජීප් රථය විවිධ කොටස් උපයෝගී කරගනිමින් මෙරට තුළ එකලස් කරන ලද්දක් බවට පොලීසිය සැක පළ කරයි. එලෙස නීති විරෝධීව සකස් කිරීමෙන් අනතුරුව එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරවාගෙන ඇති බවට ද වලාන දූෂණ මර්දන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, මෙම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසන්නේ සිය පුත්‍රයා මෙම රථය මිලදී ගෙන ඇත්තේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන ඔශෙල් මෙලනි අබේගුණවර්ධන ගෙන් බවයි.

මූල්‍ය ආයතනයකින් ලබාගත් ණය පහසුකමක් යටතේ මෙම ගනුදෙනුව සිදුවූ බවත්, ඊට අදාළ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකය, මුදල් ගෙවූ රිසිට්පත් ඇතුළු සියලු ලියකියවිලි තමන් සතුව පවතින බවත් ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මෙම ගනුදෙනුවේ විකුණුම්කාරිය ලෙස සඳහන් වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පොලිස් නිලධාරීන් කළුතර ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට ගොස් ඇත. එහෙත් එම අවස්ථාවේදී ඇය සිය නිවසේ නොසිටි බවත්, ඇයගේ දුරකථන පවා ක්‍රියා විරහිත කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.සැකකාරිය මෙන්ම ඇයගේ සැමියා නිවසේ නොසිටි බව  පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ වනවිට රෝගී තත්වය මත රෝහලක ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය තුළ තොරතුරු හුවමාරුවේ.

නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟතබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත් රසික විතාන එළැඹෙන මස 01වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඔහු අද (20) මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රාසික් සාරුක් මහතා ඇතුළු නීතිඥවරුන් විසිපස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අධිකරණයේ පෙනී සිටියහ.

රෝහිත සහ දුව

රෝහිත සහ දුව

රසික විතාන

රසික විතාන



රසික පුතු හා ජගත් විතාන

රසික පුතු හා ජගත් විතාන

රෝහිතගේ දුව හා බෑනා

රෝහිතගේ දුව හා බෑනා

gossiplanka image 1