ceb-protest-on-tuesday

 ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමය, එළඹෙන ජූලි මස 22 වන අඟහරුවාදා විරෝධතාවක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.





එම සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා සඳහන් කළේ, යෝජිත විදුලිබල සංශෝධන පනතට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලය තුළ සිටින සියලුම වෘත්තීන්ට අයත් සේවකයින්ගේ සාමූහික විරෝධය පළ කිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ බවයි.

මෙම පනත් කෙටුම්පත මගින් ලංකා විදුලිබල මණ්ඩලයට මෙන්ම එහි සේවක පිරිසටද අසාධාරණයක් සිදුවන බව හෙතෙම ප්‍රකාශ කළේය.

සිය ගැටලු සඳහා බලධාරීන් නිසි අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමුවන බවටද ඒ මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීමක් සිදු කළේය.