හතරලියද්ද, ලිහිණිහෙළ ප්‍රදේශයේදී ඉකුත් 29 වැනිදා රාත්‍රියේ ඇස්බැස්ටෝස් තහඩු ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා ඇත. රාත්‍රි 7.30 ට පමණ ලොරි රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව හතරලියද්ද පොලිසිය පවසයි.
රඹුක්කන සිට හතරලියද්ද ප්‍රදේශයට ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු රැගෙන යමින් තිබූ මෙම ලොරි රථය, මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි කුඩා වෙළෙඳසලක්,
නවතා තිබූ තවත් ලොරි රථයක් සහ යතුරුපැදියක් මතට පෙරළී ගොස් තිබේ.
මෙම අනතුරින් එම ස්ථානයේදීම මියගොස් ඇත්තේ හතරලියද්ද, කනක්කරපොළ පදිංචිව සිටි, විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වූ ඩබ්.එම්. මහේෂ් ඉන්දික විජේරත්න නමැති දෙදරු පියෙකු සහ හලාවත, බතුළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 62 හැවිරිදි රොහාන් ප්‍රනාන්දු නමැති තිදරු පියෙකි.
අනතුරෙන් තුවාල ලැබූවන් මහනුවර සහ හතරලියද්ද රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, හතරලියද්ද පොලිස් ස්ථානය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval