ජනප්‍රිය නව පරපුරේ ගායන ශිල්පී මනේජ් සංජය සිල්වාගේ නමින් පවත්වාගෙන ගිය ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා සිදුකළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය වෙත පසුගිය 14 වන දින නිකුත් කරන ලදී.
අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ගායන ශිල්පී මනේජ් සංජය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත
ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය. යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සිය ඡායාරූප යොදාගනිමින් මෙලෙස ව්‍යාජ ෆේස්බුක් ගිණුම් නිර්මාණය කර ඇති බවට ඔහු සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.
අධිකරණයේදී කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ, මනේජ් සංජය සමාජ සේවා කටයුතුවල නිරත වෙමින් අසරණ පුද්ගලයන්ට සහයෝගය දක්වන කලාකරුවෙකු ලෙස ප්‍රකට බැවින්, වංචාකරුවන් එම ප්‍රතිරූපය අවභාවිත කරමින් මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බවයි. මෙම වංචාවට අදාළ බැංකු ගිණුම් දහයක් සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මක බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval