සයිබර් මූල්‍ය වංචා ජාලයකට සම්බන්ධ බවට සැකපිට 28 හැවිරිදි චීන ජාතිකයෙකු ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කර අද (24) දින කටුනායක ගුවන්තොටුපළෙන් ආපසු හරවා යැවීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබේ.
විශාල ප්‍රමාණයක පරිගණක උපාංග තොගයක්ද රැගෙන මෙරටට පැමිණි මෙම චීන ජාතිකයා පිළිබඳව කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට සැකයක් මතුවී තිබේ. අනතුරුව ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට නිලධාරීන් පියවර ගෙන ඇත.
එහිදී ඔහු ප්‍රථමයෙන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයෙකු හමුවීමට පැමිණි බවය. කෙසේ වෙතත්, වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වන සයිබර් මූල්‍ය වංචා ජාලයක සාමාජිකයෙකු බවට තොරතුරු හෙළිදරව් වී ඇත.
ඒ අනුව, අදාළ චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන, ඔහු පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවය මගින්ම ඔහුව ආපසු සියරටට පිටුවහල් කිරීමට ආගමන විගමන බලධාරීන් විසින් පියවර ගන්නා ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval