rohini-apologizes-for-statement-made-to-the-speaker-yesterday-at-the-same-time-accusing-him-of-being-extremist

 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න, ඊයේ (23) දිනයේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී කතානායකවරයාට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (24) දින විශේෂ ප්‍රකාශයක් කරමින් එය ඉල්ලා අස්කර ගන්නා බව සභාවට දැනුම් දුන්නාය.



ඊයේ දිනයේදී තමන් විසින් සිදුකළ "ඔබතුමා කට වහගන්න" යන ප්‍රකාශය මගින් කතානායක ධුරයට සහ එම භූමිකාවට කිසියම් හෝ අපහාසයක් සිදුවූයේ නම්, එම ප්‍රකාශය ඉවත්කර ගන්නා බව මන්ත්‍රීවරිය සඳහන් කළාය.



තම ප්‍රකාශයෙන් පසුව කතානායකවරයා විසින් හැදියාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලැබූ බවත්, මෙලෙස ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම තුළින් එම ප්‍රශ්නයටද පිළිතුරක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් විජේරත්න මහත්මිය පැවසුවාය.

කෙසේ වෙතත්, මධ්‍යස්ථව කටයුතු කළ යුතු කතානායක ධුරය ඇතැම් අවස්ථාවලදී අන්තවාදී ලෙස කටයුතු කරන විට, මෙවැනි ප්‍රකාශයන් ඉබේම පිටවිය හැකි බවද ඇය සිය විශේෂ ප්‍රකාශය අතරතුර වැඩිදුරටත් කියා සිටියාය.