asgiri-anunnami-passes-away


 සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියන් අපවත්වී තිබේ.



හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ උන්වහන්සේ අපවත් වී ඇති බව වාර්තා වේ.

අපවත්වන විට උන්වහන්සේ 67 වැනි වියේ පසුවිය.
 අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය හිමිනමක් ලෙස කටයුතු කළ උන්වහන්සේ වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති ලෙසද කටයුතු කළහ.  

 සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය හොබවමින් වැඩ විසූ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය, එළඹෙන 24 වන බ්‍රහස්පතින්දා පස්වරුවේ මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇත.

අපවත් වී වදාළ නාහිමියන්ගේ ශ්‍රී දේහය, උන්වහන්සේ වැඩවිසූ ලියන්ගස්තැන්න විහාරස්ථානය වෙත අද (21) දින පස්වරු 4.00 ට පමණ වැඩම කරවීමට නියමිතය. අනතුරුව, එම ශ්‍රී දේහය හෙට (22) දින පස්වරු 3.00 ට එම විහාරස්ථානයෙන් පිටත් කරවීමට කටයුතු සංවිධානය කර තිබේ.

එසේ වැඩම කරවනු ලබන ශ්‍රී දේහය, මහනුවර අස්ගිරිය මහා විහාරයේ විශේෂ ගෞරව සහිතව සැකසූ විශ්‍රාම ශාලාවේ තැන්පත් කරනු ලබයි. ආදාහන පූජෝත්සවය පැවැත්වෙන 24 වනදා දක්වා මහජන ගෞරවය සඳහා එම ස්ථානයේ ශ්‍රී දේහය තැන්පත් කර තැබෙනු ඇත.