a-program-to-establish-day-care-centers-for-autistic-children

 ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන ළමයින් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය සූදානම් වේ.ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන දරුවන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක්

සකස් කිරීමේ ඒකාබද්ධ සැලැස්මක සංකල්පීය යෝජනාව ඒ අනුව සති දෙකක් ඇතුළත ඉදිර්පත් කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පිළිබඳව ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් 09 වැනිදා පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා විසින්

මෙලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.මෙම වැඩසටහන, ඊට අදාළ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන මඟින් ක්‍රියාත්මක කෙරෙන අතර ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරෙන බව පැවැසේ.


මෙවර අය-වැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට වෙන්කර තිබෙන රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන සමාජසේවා දෙපාර්තමේන්තුව මඟින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදීම, එම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම, මෙම වැඩසටහන අදාළ රේඛීය ආයතන සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිර්මට විද්‍යාත්මක පසුබිමක් සහිත නව මොඩලයක් සකස් කිරීම ඇතුළු

කරුණු පිළිබඳව සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.එම කරුණුවලින් සමන්විත යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාව සති දෙකක් ඇතුළත සකස් කරන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක එහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.