court-orders-rajithas-arrest

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝගයක් නිකුත් කර තිබේ. කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස ඔහු නම් කර ඇති පසුබිමක මෙම නියෝගය අද (11) නිකුත් විය.

මෙම නඩුවට අදාළ චෝදනාව වී ඇත්තේ, නීත්‍යානුකූලව ධීවර වරාය නීතිගත සංස්ථාව වෙත පැවරී තිබූ වැලි කැණීමේ ව්‍යාපෘතියක්, නීති විරෝධී ලෙස විදේශීය සමාගමකට ලබා දීමය. එමගින් රජයට රුපියල් ලක්ෂ 263 ඉක්මවූ පාඩුවක්

සිදු කර ඇති බවට කරුණු ඉදිරිපත් වී ඇත. අදාළ විමර්ශනය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණය වෙත ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. එහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ,

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් කොමිසමට කිසිදු නෛතික බාධාවක් නොපවතින බවය.