5-youths-arrested-for-robbing-a-gay-man-by-luring-him-to-the-beach-using-an-app

සමලිංගික සබඳතා සඳහා වෙන්වූ ජංගම දුරකථන යෙදුමක් (ඇප්) ඔස්සේ හඳුනාගත් පුද්ගලයෙකු පානදුර මුහුදු වෙරළට ගෙන්වා, බිය ගන්වා කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් පස් දෙනෙකු පානදුර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



පැමිණිලිකරුට අනුව, සැකකරුවන් විසින් ඔහුව පානදුර මුහුදු තීරයේ වැටකෙයියා පඳුරක් අසලට රැගෙන ගොස්, නිරුවත් කර එය වීඩියෝගත කර තිබේ. පසුව එම වීඩියෝව අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර, ඔහුගේ ලැප්ටොප් පරිගණකය, ජංගම දුරකථනය සහ රුපියල් 9,000ක මුදලක් කොල්ලකා ඇති බවට පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය පවසයි.



මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 17, 18 සහ 19 යන වයස්වල පසුවන තරුණයින් පිරිසක් බව පොලීසිය තහවුරු කරයි. ඔවුන් පානදුර, බෙක්කේගම, හිරණ, මොරොන්තුඩුව සහ වලාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.