පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරගයෙන් අනතුරුව, ප්‍රේක්ෂකයින් විසින් ඉවත දැමූ කසළ ටොන් දහයකට ආසන්න ප්‍රමාණයක් මෙතෙක් ඉවත් නොකිරීම නිසා බරපතල පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු රැසක් මතුව තිබේ. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම කසළ ඉවත් කිරීමේ වගකීම පැවරී ඇති කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව ඒ සඳහා මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.
ක්‍රීඩාංගණයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙහි පවත්වන සෑම තරගයකදීම ප්‍රවේශපත් අලෙවියෙන් ලැබෙන ආදායමෙන් සියයට විස්සක (20%) කොටසක් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව වෙත ලබාදෙන බවයි. ඉකුත් 10 වන දා පැවති තරගය නැරඹීම සඳහා හතළිස් දහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම කසළ ගොඩ ඉවත් නොකිරීම හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩසටහන්වලටද දැඩි බාධා එල්ල වී තිබේ. ඒ අනුව, ලබන 18 වන සිකුරාදා දින මහනුවර ප්‍රමුඛ පෙළේ බාලිකා විද්‍යාල දෙකක් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගයට පෙර මෙම ක්‍රීඩාංගණය පිරිසිදු නොකිරීම බරපතල ගැටලුවක් වී ඇති බව සංවිධායකයෝ පෙන්වා දෙති.
මේ පිළිබඳව කරුණු විමසීම සඳහා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කළමනාකාර ජානක පතිරණ මහතා සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.
Comments
Post a Comment
Your comment will be visible after approval