අන්තර්ජාලය හරහා සිදුකරන වාණිජ ගනුදෙනු සඳහා තාවකාලික මෙහෙයුම් සහනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මෑතකදී හඳුන්වා දුන් රේගු ක්‍රියාපටිපාටි හේතුවෙන් Ali express,Temu ආදී වේදිකා ඔස්සේ අන්තර්ජාල භාණ්ඩ ආනයනය කිරීම් වලදී පාරිභෝගිකයින් සහ කුඩා පරිමාණ ආනයනකරුවන් මුහුණ දුන් ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විද්‍යුත් වාණිජ වේදිකා හරහා සිදුකරන ආනයන සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් හඳුන්වා දුන් නව නිෂ්කාශන ක්‍රමවේදය හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබිණි. භාණ්ඩ නිදහස් කරගැනීමේදී සිදුවන ප්‍රමාදයන්, ගනුදෙනු සඳහා වැයවන පිරිවැය ඉහළ යාම, මිල ගණන්වල විනිවිදභාවයක් නොමැති වීම සහ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීම එම ගැටලු අතර විය. මෙම තත්ත්වය, විශේෂයෙන්ම විද්‍යුත් වාණිජ්‍ය සේවා මත යැපෙන පාරිභෝගිකයින්ගේ සහ සුළු ව්‍යාපාරිකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබිණි.
උද්ගතව ඇති තත්ත්වයට පිළියමක් ලෙස, මෙම තාවකාලික සහනය ලබා දීමටත්, විද්‍යුත් වාණිජ කටයුතු සඳහා ස්ථාවර, දිගුකාලීන නියාමන රාමුවක් සකස් කිරීම සඳහාත් විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත වන මෙම කමිටුව පත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි විය.
ඒ ගැන සඳහන් කරමින් ඇමතිවරයා මෙසේ කියා තිබුණි.
විද්යුත් වාණිජ කටයුතුවල ශීඝ්‍ර වර්ධනයත් සමඟ රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ කටයුතු හරහා ශ්‍රී ලංකාව වෙත කෙරෙන ආනයන පරිමාවත් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙන බව නිරීක්ෂණය වුණා. උපකාරී නියාමන පරිසරයක් ඇති කිරීම මගින් සුවිශේෂී ආර්ථික ප්‍රතිලාභ ලැබෙන විද්යුත් වාණිජ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා විද්යුත් වාණිජ කටයුතු වලින් බදු ආදායම් රැස්කිරීම සංවිත කිරීම රජය මගින් කළ යුතු වෙනවා. විද්යුත් වාණිජ්ය වේදිකා ඔස්සේ කෙරෙන ආනයන සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන රේගු නිෂ්කාශන ක්රියා පටිපාටියේ ඇතැම් දුර්වලතා පහුගිය කාලෙ අඳුනා ගත්තා ශ්‍රී ලංකා රේගුව සිය රේගු නිෂ්කාශන කාර්ය පටිපාටිය අනුව සංශෝධනය කරලා තියෙනවා.
එය ක්රියාත්මක කිරීම තුළින් උද්ගත වී ඇති ප්රමාද වීම් ඉහළ ගිය ගනුදෙනු පිරිවැය මහජන විශ්වාසය, පළුදු වීම, මිල ගණන් සම්බන්ධයෙන් විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අඩු වීම වැනි තත්වයන් විද්යුත් වාණිජ්ය වේදිකා භාවිතා කරන්නන්ගේ අතෘප්තියට හේතු වෙලා තිබෙන බව පසුගිය දවස්වල ඔබත් මාධ්ය වාර්තාකර තිබුණා. විශේෂයෙන්ම විද්යුත් වාණිජ කටයුතු මත දැඩිව රැඳී සිටින තනි පුද්ගල පාරිභෝගික සහ කුඩා පරිමාණ ආනයනකරුවන් මෙමගින් බලපෑම් ලක්වෙලා තියෙනවා.
එම තත්වය සැලකිල්ලට ගෙන විද්යුත් වාණිජ කටයුතු නැත්නම් ඔය ඊ කොමර්ස් විෂය සඳහා තාවකාලික වශයෙන් මෙහෙයුම් සහනයක් ලබා දීමටත් ඒ සම්බන්ධයෙන් දිගුකාලීන නියාමන රාමුවක් හඳුන්වා දීමටත් අදාල ආයතන නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන මැතිතුමා හැටි ජනපති පත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුන්නා.
Comments
Post a Comment
Your comment will be visible after approval