
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, මතභේදයට තුඩුදුන් මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ නිකුත් කළ නියෝගයක් ආපසු හැරවීමට තීන්දු කර තිබේ. ඒ අනුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතාට එරෙහිව පනවා තිබූ කොන්දේසි සහිත වාරණ නියෝගයක් මෙලෙස නිෂ්ප්‍රභ කර ඇත.
මෙම නඩුව ගොනුකර තිබුණේ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය මහතා විසිනි. ඔහු අධිකරණයට පෙන්වා දී තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ ඝාතනයට අදාළව ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ මගින් සිය කීර්ති නාමයට හානියක් සිදුවූ බවයි. එම නිසා එම ප්‍රකාශ සිදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු ඉල්ලා තිබිණි.
එම පැමිණිල්ල සලකා බැලූ අධිකරණය, මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතාට එවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස දන්වමින් මීට පෙර කොන්දේසි සහිත තහනම් නියෝගයක් නිකුත් කළේය.
කෙසේ වෙතත්, දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (15) දින එම කොන්දේසි සහිත තහනම් ආඥාව විසුරුවා හැරීමට නියෝග කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval