කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහුගේ සිරුර ජීප් රථයකට දමා පුලුස්සා තිබියදී මෙලෙස හමුව ඇති බවට එක් සකැයක් මතුව ඇති අතර තවත් සැකයක් වන්නේ මෙය සියදිවිනසාගැනීමක්ද යන්නයි.
ව්‍යාපාරිකයා පැලඳ සිටි රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා අත් පලඳනාව, රන් මාලය ඇතුළු රන් භාණ්ඩ සියල්ල මෙන්ම ඔහුගේ මුදල් පසුම්බිය, ජංගම දුරකථනය ඇතුළු වටිනා දේපළ මළසිරුර සමග නොතිබුණ බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
මෙලෙස හමුවුනේ කමල් සම්පත් නමැති 50 හැවිරිදි එක්දරු පියෙකි. කුරුණෑගල – නුවර ප්‍රධාන මාර්ගයේ පිලැස්ස ප්‍රදේශයේ මොහුට අයත් විශාල හෝටලයක් ඇති අතර වාහන විකිණීමේ ව්‍යාපාරයක් ද මොහු විසින් කරගෙන ගොස් ඇත.
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් ද කරගෙන සිටි කමල් සම්පත් 26 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලක දී වෛද්‍ය සායනයකට ද සහභාගිවීමට නියමිතව සිටියේය.
පසුගිය 25 වැනිදා උදේ 9.30ට පමණ මොහු පිලැස්ස ප්‍රදේශයේ පිහිටි හෝටලය වෙත පැමිණ කොණ්ඩය කපාගැනීමට අවශ්‍ය බව කියමින් ඉන් පිටව ගොස් තිබේ. එසේ පිටව යෑමෙන් පසු මොහු පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැත.
පසුව කමල් සම්පත්ගේ බිරිඳ මේ පිළිබඳව දොරටියාව පොලිසිය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව පොලිසිය මගින් කමල් සම්පත්ගේ අතුරුදන්වීම පිළිබඳව අවට පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.
මේ අතර පෙරේදා දහවල් 1.30ට පමණ මහව පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයකු පවසා ඇත්තේ මහව – පොල්පිතිගම මාර්ගයේ පාළු ස්ථානයක කැබ් රථයක් තුළ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පිලිස්සෙමින් තිබෙන බවයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ මහව පොලිසිය සිද්ධිය වූ ස්ථානය වෙත ගොස් විමර්ශන ආරම්භ කර තිබේ. මෙම නාඳුනන මළසිරුර පිළිබඳව දොරටියාව පොලිසියට ලැබුණු තොරතුර මත කළ විමර්ශනයෙන් අනාවරණය වූයේ ඝාතනයට ලක්ව ඇත්තේ කමල් සම්පත් බවය.
මෙම අබිරහස් මරණය පිළිබඳව සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් යොදවා ඇති අතර සීසීටීවී කැමරා සහ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන පවත්වාගෙන යයි.
ව්‍යාපාරිකයා ප්‍රදේශයේ ජනතාව සමග ඉතාම සුහදව ජීවත් වූ පුද්ගලයකු වන අතර ඔහු ඉතාම සාධාරණව සිය ව්‍යාපාර කටයුතු කරගෙන ගොස් ඇති බව ද පොලිසිය පවසයි.
මහව පොලිස් වසමේ කට්ටඹුවාව ප්‍රදේශයේ ජීප් රථයක් තුළ සොයා ගත් පිලිස්සී මිය ගිය බවට සැක කෙරෙන මළ සිරුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස මහව මහේස්ත්‍රාත් නර්තනී කංචනී අභිමානි සෙනවිරත්න මෙනවිය මහව මූලස්ථාන පොලිසියට නියෝග කර ඇත.
මෙය සියදිවි නසා ගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න අනාවරණ කර ගැනීම සඳහා මෙම විමර්ශන සිදු කෙරෙන අතර, ඝාතනයක් බවට අනාවරණ වන්නේ නම් සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මෙම නියෝගය තුළ සඳහන් වෙයි.
තවද, මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව දැක්වෙන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ඉදිරියේදී සිදු කෙරෙන අතර, විමර්ශන ප්‍රගතිය පිළිබඳව අධිකරණයට වාර්තා කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval