those-who-do-business-under-the-guise-of-profession-are-worried-about-the-incident-of-the-jpura-doctor

 අල්ලස් හෝ දූෂණ චෝදනාවට ලක් වූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ සිදුවීමෙන් කලබලයට පත්වන්නේ වෛද්‍යවරුන් නොව එම වෘත්තීය මුවාවෙන් ව්‍යාපාර කරන්නන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.වෛද්‍යවරුන් පිටතින් ලබා ගැනීමට ඖෂධ ලිවීම නිදහස් සෞඛ්‍ය සේවයේ ලක්ෂණයක් වී ඇති බවත් අතීතයේ සිටම එම ක්‍රියාවේ ඔවුන් යෙදුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රක්ෂාන් බෙල්ලන මහතා පැවැසීය.






ජයවර්ධනපුර රෝහලේ සිදුවීමේදී සැකකාර – වෛවර්ය තමන්ට ළබැඳි සමාගමක් සමඟ කටයුතු කර සැත්කම් සඳහා අවශ්‍ය උපකරණ එම සමාගමින් මිලදී ගන්නා ලෙස රෝගීන් යොමු කිරීම වෛද්‍යවරුන් ලෙස අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව හෙතෙම අවධාරණය කළේය. එම නිසා මෙම සිදුවීම පිළිබඳ වෛද්‍යවරුන් කිසිසේත්ම කලබල විය යුතු නොවන බව බෙල්ලන මහතා අවධාරණය කළේය.


වෛද්‍යවරුන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ රජයේ ආයතන සංග්‍රහය සහ රජයේ චක්‍රලේඛ, මාර්ගෝපදේශ සපයා ඇති බව බෙල්ලන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී සූරසිංහ ජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජන වී ගැටලුකාර් තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් ඇතුළු පාර්ශ්වයන්ගේ විස්තර රැස් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 21 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.