ගසක් කැපීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩම් හිමියකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ ඉඩම් නිලධාරියකු කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (25දා) බරපතළ වැඩ සහිත වසර 22ක සිරදඬුවමක් නියම කළේය.
එයට අමතරව පී.එම්. කමල් මංජුල නමැති එම විත්තිකරුට රුපියල් 30,000ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂය විත්තිකරුගෙන් දඩයක් ලෙස අයකර ගැනීමටත් නියෝග කළේය. අල්ලස් පනතේ 26 වැනි වගන්තිය අනුව රුපියල් ලක්ෂයක මුදල දඩයක් ලෙස අයකර ගැනීමට නියම කළ විනිසුරුවරයා අගතියට පත් ලී මෝල් හිමියාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමටද විත්තිකරුට නියම කළේය.ඒකී දඩ හා වන්දි මුදල් නො ගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත වසර බැගින් වූ සිර දඬුවම්ද නියම කළ විනිසුරුවරයා වසර තුනක් වූ ලිහිල් සිර දඬුවම් කාලය ප්‍රධාන හිර දඬුවමට අමතරව ගෙවීයන පරිදි ලබාදිය යුතු බවටද නියෝග කළේය.
විශ්‍රාම යෑමට මාස හයක කාලයක් ඉතිරිව තිබියදී සිදුකළ එම වරදට වරදකරු වීම නිසා මේ වන විට 67 හැවිරිදි වියේ පසුවන විත්තිකරුට හිමිවිය යුතු විශ්‍රාම වැටුපද අහිමි වී ඇත. ලැබුණු පැමිණිල්ලක් අනුව 2016.03.18 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ එකී දඩ හා වන්දි මුදල් විත්තිකරුට එරෙහිව චෝදනා හයක් යටතේ නඩු පවරා තිබූ අතර අල්ලස් හෝ දූෂණ ව්මර්ශන කොමිෂන් සභාව
විසින් විත්තිකරුට එරෙහිව නඟා තිබූ චෝදනා හයම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බව දීර්ඝ විනිසුරුවරයා නිගමනය කළේය.
නඩු විභාගයකින් අනතුරුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය සහකාර අධ්‍යක්ෂ (නීති) කසුන් ගුණවර්ධන සූරිය මහතා සමඟ පැමිණිල්ල මෙහෙයවීය. පෙරියන්කුලම ප්‍රදේශයේ පදිංචි එම්. කරුණාරත්න නමැති ලී මෝල් හිමියා එම පැමිණිල්ල සිදුකර තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval