
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලබන සැප්තැම්බර් මාසය ඇතුළත අහෝසි කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවැසුවේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ නව පනත් කෙටුම්පත සැප්තැම්බරය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී පනත අහෝසි කිරීම බහුතරයෙන් සම්මත කරගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පනත අහෝසි කිරීමට අදාළව යෝජනාව අඩුම තරමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඔහු කීය.එසේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Bill) අහෝසි කිරීමට තවම දිනවකවානුවක් කීමට නොහැකි බවත් ඒ සඳහා පත්කළ කමිටුව මුණගැසී වැඩ කටයුතු ආරම්භ කිර්මට සිදුවීම මීට හේතුව බවත් ඔහු කීය.
කෙසේ වෙතත් ඉක්මනින්ම එම පනත අහෝසි කිර්ම වුව සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.මෙම පනත් අහෝසි කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කී නිසා සිදුනොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ශ්‍රී ලංකා රජය සහ තමා මෙම පනත් අහෝසි කිර්මට අදාළ වැඩකටයුතු ආරම්භ කර දැන් වනවිට මාස 4ක් පමණ වන බවත් ඔහු කීවේය. කෙසේවෙතත් වෝල්කර් ටර්ක් මහතා මෙරටට පැමිණ මෙම පනත් අහෝසි කිරීම ගැන කතා කළ බවත් නානායක්කාර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval